දික්කසාදෙ ඇත්තදැයි විමසූ විට තුට්ටුදෙකේ වෙබ් සයිට් ගැන සුදු නංගීට කේන්ති ඇවිත්...
ටෙලි තිරයේ සුදු නංගී ලෙස ප්‍රකට ටෙලි නිළි අයෝමි ශානිකා විවාහවී නැති බවට මාධ්‍ය ඔස්සේ කරුණු පළකරමින් තිබීයදී ඇය ඇත්තටම විවාහවී සිටි බවත් එයින් දික්කසාදය මින් සති කිහිපයකට පෙර කඩුවෙල දිසා අධිකරණයේදී ලබාගත් ආකාරයත් අප අධිකරණ වාර්තාකරු සැපයූ තොරතුරු අනුව වාර්තා කළා. එයින් පසු ඇයගෙන් ඒ ගැන විමසන්නට පුවත්පත් මාධ්‍ය උත්සාහ ගත්තත් ඇය ඒ සියල්ලට ඇය හරියාකාරව ප්‍රතිචාර දක්වා නැත.
තමා ස`ගවා සිටි රහස් එළිවීම නිසාදෝ ඇය ඇතැම් මාධ්‍ය වලට ප්‍රතිචාර දක්වා තිබුනේ කේන්ති ආ ආකාරයෙනි.
මෙවර ඉරිදා දිවයින පුවත්පතේ මීවිත අතිරේකයට ඇයගෙන් මේ කාරණාවල ඇත්ත නැත්ත විමසන්නට උත්සාහ කළ අවස්ථාවේදී ඇය ඒ පිළිබඳ කිසිවක් පැහැදිලි නොකර කියා තිඛෙන්නේ මෙවැනි පිළිතුරකි.
තරහාවෙන්න එපා. ඔය ප්‍රශ්නය සම්බන්ධයෙන් මම කතා කරන්න කැමැති නැහැ.



Post a Comment