Gossiper Lanka

Unleashing News from Sri Lanka

Recent Posts

Powered by Blogger.

Pages - Menu

Popular Posts

About

Blogger news

Blogroll

Blogger templates



Read More »

ගණිකා වෘත්තිය නීති ගතකළ යුතු යැයි මා කීවේ පහත් මානසිකත්වයකින්වත්, කාන්තාවන්ට අපහාස කිරීමේ අදහසින්වත් නොවේ. මා පුරුෂ අවශ්‍යතා ඉටු කිරීමට කැපවී සිටින අයෙක්. කාන්තා ගරුත්වයද අගය කරන්නෙක්. මගේ කතාව වැරැුදි ආකාරයට වටහාගෙන ඇති ගීතා කුමාරසිංහ මහත්මිය ප‍්‍රකාශ තිබූ අදහස්වලට යථාර්ථවාදීව පිළිතුරු දීමට අදහස් කළේද කාන්තා පරපුරට නිසි ගරුත්වයක් ලබාදීමේ අදහසින්’ යයි දකුණු පළාත් සභා මන්තී‍්‍ර, නීතීඥ මේජර් අජිත් ප‍්‍රසන්න මහතා පවසනවා.

‘ගීතා කුමාරසිංහ මහත්මිය නිවැරැුදි කිරීම මගේ යුතුකමක්. මම ඒ මහත්මියට ගරු කරනවා. තම රංගනයෙන් හා රූපශීයෙන් රසිකයන් පිනවීම හැම දෙනකුටම කළ නොහැකිය. ගීතා කුමාරසිංහ මහත්මිය තවමත් ඒ අන්දමින් මෙරට රසිකයන් පිනවන කාන්තාවකි. ඒ සඳහා කිසිඳු තහනමක් නැහැ.

කාන්තාවන්ට අපහාසයක් වන්නේ පොලිසිය දැක්කාම දුවන්න හැංගෙන්න වූ විට නොවේද? ඔවුන් එසේ අපහාස විඳින්නේ හොරකමක්, වංචාවක් කොට නොව, පුරුෂයන්ට සේවාවක් සැපයීම නිසාය. මේ රටේ ගණිකාවන් 65,000 කට වඩා සිටින බව මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා මහතා පවසා තිබුණා. ළමා රක්‍ෂණ අධිකාරියේ සභාපතිනි, මේ තත්ත්වය අධ්‍යනය කරමින් සිටින බවත්, ස්තී‍්‍ර දුෂණ හා ළමා අඩන්තේට්ටම්වලට මෙය ප‍්‍රබල හේතුවක් වී ඇති බවත් ප‍්‍රකාශ කර තිබුණා.

මෙය ශාරිරික අවශ්‍යතාවක්, කාටවත් වසන් කිරීමට බැහැ. විවිධ හේතූන් නිසා අවිවාහකව සිටින විශාල පිරිසක් ලිංගික තෘප්තිය ලබා ගන්නේ මේ ආකාරයෙනි. අද වන විට කොළඹ කේන්ද්‍රකරගෙන ලංකාවේ ගබ්සා කිරීම් 1,000කට වැඩියෙන් සිදුවන බව වාර්තාවේ. මම 1999දී නීති විද්‍යාලයේ සිටියදී ගබිසා කිරීම් නීතිගත කරන්නැයි යෝජනා කළා.’ යයිද ඔහු පවසනවා.
Read More »

රුහුණු විශ්ව විද්‍යාලයේ කඹුරුපිටිය, මාපලාන පිහිටි කෘෂිකර්ම පීඨ පරිශ‍්‍රයට අද පස්වරුවේ මාළු වැස්සක් වැටී තිඛෙනවා. එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ පීඨ කාර්යාලය සහ තවත් ස්ථාන කිහිපයක මසුන් කිහිපදෙනකු මෙලෙස වැටුණු බවයි. එම මසුන් හුංගා සහ ලූලා බව හඳුනාගෙන තිඛෙනවා. ප‍්‍රදේශයේ ඇති වු සුළු ටොනාඩෝ තත්ත්වයක් හේතුවෙන් මසුන් ප‍්‍රදේශයට වැටෙන්නට ඇතැයි විශ්වාසය කෙරෙනවා.ලේනබටුවැව මීට ආසන්නයේ පිහිටා තිඛෙනවා. මේ අතර අදාල මසුන් වැඩිදුර පරික්‍ෂණ සඳහා රුහුණු විශ්ව විද්‍යාලයේ ධිවර හා සාගර සම්පත් තාක්‍ෂණ විද්‍යා පීඨය වෙත යොමු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
Read More »

ජල පරිහරණය සඳහා ජල කොමිසමක් පිහිටුවීමේ ආණ්ඩුවේ යටි අරමුණ රටේ ජල සම්පත ජාත්‍යන්තර කොම්පැනිවලට පැවැරීම බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා’

මේ වන විට ඒ සඳහා වූ ජාත්‍යන්තර මූලස්ථානය පැලවත්තේ පිහිටුවා ඇති බව අනුර දිසානායක මහතා ප්‍රකාශ කරනවා’

පසුගිය කාලය මුළුල්ලේම දේශීය-විදේශී්‍ය බහුජාතික සමාගම්වලට ජල අයිතිය පවරා ගැනීම සඳහා පනත් සම්මත කිරීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් පළාත් පාලන ආයතන තුළත් යෝජනා ඉදිරිපත් වූ බවද හෙතෙම පවසනවා’

එහෙයින්” පසුගිය දිනෙක පාර්ලිමේන්තුව තුළ ජල කළමණාකරණ කොමිසමක් පත් කිරීම වැදගත් බව කියමින් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයේ වෙළෙඳ අරමුණු ඇති බව හා එයට විරෝධය පළ කිරීමට රටේ සියලූ ජනතාව වෙනුවෙන් තම පක‍ෂය පෙරමුණ ගන්නා බවද අනුර දිසානායක මහතා අවධාරණය කෙළා’ 
Read More »

 විද්‍යාව වතුර වගේ කියූ
සම්පත් සර්ට
ඕ ලෙවල් සයන්ස් ප්‍රශ්න
කලින් ගියේ කෙසේද?


විභාගෙට එන ඒවාට අනුමාන පේපර් එකේ
මාර්ක් දමලා


අද(17) ගණං පේපර් එකත් ලීක්ලූ

විද්‍යාව වතුර වගේ කියා දෙන සර් කෙනෙකුට ප්‍රශ්න අනුමාන කරන්නට හැකිය. නමුත් ඕ ලෙවල් පේපර් එකේ බහුවරණ ප්‍රශ්න ලියා තිඛෙන වාක්‍ය රටා ඒ ආකාරයටම අනුමාන කරන්නට නම් දිවැස් තිබිය යුතුය.

දැන් පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ 15දා අවසන්වූ විද්‍යාව පළමු කොටසේ බහුවරණ  ප්‍රශ්න පත්‍රය අතට ගත් ගම්පහ කොළඹ ඇතුළු නගර ගණනාවක සම්පත් සර්ගේ ටියුෂන් පංති ගෝලයන්ට පුදුම හිතුණා. මින් දින කිහිපයකට පෙර සර් ලබාදුන් අනුමාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 19 ක්ම ඕ ලෙවල් පේපර් එකේ ප්‍රශ්න 40 තුළ ඒ ආකාරයෙන්ම සටහන්වී තිබුණ නිසයි.
ගම්පහ හා කොළඹ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකුවූ සම්පත් අත්තටගේ විසින් විද්‍යාව 1 ප්‍රශ්න පත්‍ර අනුමාන පත්‍රයේ සැකකටයුතු ස්වරූපය ගැන විභාග කොමසාරිස් ජනරාල් වරයාට පැමිණිලි ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය විභාග කොමසාරිස්වරුන් දෙදෙනකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට පැමිණිලි කරන ලද අතර
ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද උදෑසන සම්පත් අත්තටගේ මහතා හමුවී ප්‍රකාශ ලබාගත්තා.
සා.පෙළ මහ ඇදිරිඳු - විද්‍යාව වතුර වගේ වැනි නාමයන්ගෙන් වෙළෙඳ ප්‍රචාරණයේ යෙදෙන සම්පත් මහතා මේ සම්බන්ධයෙන් කියා ඇත්තේ තමාට විභාගයේ එන ප්‍රශ්න කල් ඇතිව සිතාගත හැකි බවත් ඒවා එනු ඇතැයි අනුමාන කර සටහන් කළ බවත්ය.

විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 40 න් ප්‍රශ්න 19 ක් ඒ ආකාරයෙන්ම ඊට පෙර කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක උපකාරක පන්තිවලට සහභාගි වූ දරුවන්ට මේ ගුරුවරයා ලබාදුන් ප්‍රශ්න 50 ක ප්‍රශ්න පත්‍රයේ අඩංගුවී තිඛෙන බව වාර්තා වනවා. මෙම අනුමාන ප්‍රශ්න පත්‍රයේ සිනාසෙන මුහුණු(ස්මයිලීස්) යොදමින් විභාග පත්‍රයේ ඇති ඒවාට සලතුණක්ද තිබූ බව වාර්තා වනවා.
මෙම ගුරුවරයා විසින් අනුමාන ප්‍රශ්න 50 ක් දරුවන්ට ලබා දී ඉන් ප්‍රශ්න 26 ක් ඒ ආකාරයට මුහුණු සලකුණ යොදා විශේෂ කර තිඛෙන බවත් ඒ 26 න් 19 ක් රූපසටහන් සහ අකුරක් හෝ නොවෙනස්ව සා.පෙළ ප්‍රශ්න පත්‍රයේ සඳහන් වී තිබුණ බවත් වාර්තා වුණා. සාමාන්‍ය දැනුම විමසා බැලීම සඳහා ලබා දී ඇති විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්‍රයේ 38 සහ 40 ප්‍රශ්න දෙක අකුරක්වත් වෙනස් නොවී උපකාරක පන්ති ගුරුවරයාගේ ප්‍රශ්න පත්‍රයේ ඒ අයුරින්ම සඳහන්ව තිබීමද විශේෂත්වයක් වුණා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 4048 කදී දරුවන් 5,42,260 ක් පෙනී සිටි අතර ප්‍රශ්න පත්‍ර පිටිවීම නිසා ලක්ෂ පහමාරකට ආසන්න එම දරුවන්ට අසාධාරණයක් සිදුව ඇති බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මැදිහත්වී පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.

මේ අතර අද පැවති සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයත් කිතුල්ගල සහ නාවලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකදී පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් විභාගයට පෙර සාකච්ඡා කර ඇති බවට වාර්තා ලැබී ඇති බවත් ඒ ගැනත් පොලිසිය පරීක්ෂණ කරන බවත් වාර්තා වනවා.

සා.පෙළ විද්‍යාව විභාග පත්‍රයේ හා අනුමාන පත්‍රයේ එක් ප්‍රශ්නයක් පහත පරිදිය.



Read More »


මායි සමිතයි අදටත්
හොඳ යාළුවෝ

අතුලගේ බිරිය අමායා කියයි

ජනප්‍රිය ගායක යුවළක් වන අතුල අධිකාරී-සමිතා මුදුන්කොටුව අතර පැවති විවාහ සම්බන්ධය බිඳවැටී අතුල අමායා ළ`ගටත් සමිතා ජොන්ස්ටන් ළ`ගටත් ගිය ආරංචි දැන් රටම දනී. ප්‍රශ්න ඇතිවුණ කාලයේ එකිනෙකාට චෝදනා කරගනිමින් එකට එක කරමින් හැසිරුණත් දැන් මොවුන් සතරදෙනාම සහයෝගයෙන් සිටීම අහන්නටත් වාසනාවකි.සමිතාට අතුලගේ දරුවන් සිටින අතර
දැන් අමායාටද අතුලට දාව දියණියක සිටිනවා.
සමිතා අතුල එක්ව අලූතින් ගීත ගායනා කරනවා සේම දැන් අමායා සමිතාගේ හොඳම මිතුරියකද වී සිටීන බව ආරංචියි.
පසුගිය සතිඅන්තයේ රිවිර පුවත්පතට අමායා අධිකාරී මේ අපූරු සම්බන්ධතාවයන් ගැන හෙළිකරමින් ප්‍රකාශයක් කර තිබුණා.
එම විස්තරය පහත පරිදිය.

zමට අතුල අධිකාරි මුණ ගැහෙනකොට වයස 17යි. අතුලගේ ඊමේල් කවිකාරි කියන ගීතය වීඩ්යෝ එකේ ඩාන්සර් කෙනෙක් විදියට මම එකතු වුණා. එතැනදී තමයි මුලින්ම හඳූන ගත්තේ. පස්සේ අතුලගේ තවත් වීඩ්යෝ එකක මේන් ඩාන්සර් විදියට එකතු වුණා. ඒ කාලේ තමයි අපි හොඳට දැන හැඳින ගත්තේ. අපි ඩාන්සින් ප්‍රැක්ටි්‍රස් කළේ එකට. අපේ ගෙදර අයත් අතුල එක්ක කිට්ටු වුණා. අපි අවුරුද්දක් දෙකක් විතර හොඳ යාළුවෝ වගේ හිටියා.
වීඩියෝ එකේ ඩාන්සින් ප්‍රැක්ටි්‍රස් කළේ අතුලගේ ගෙදර. සමිතා අක්කත් සමහර වෙලාවට ඇවිත් අපි එක්ක ඩාන්ස් කරනවා. සමිතා අක්කත් මාත් එක්ක ගොඩක් යාළු වුණා.අතුල සමිතා අතර විරසකයක් නෙමෙයි, මොකක්දෝ වෙනසක් තියෙනවා කියලා හිතුණා. ඒත් එහෙම දෙයක් ඇඟවෙන විදියට අතුල කතා කළේ නැහැ.

අතුලමයි මට ඒ යෝජනාව ගෙනාවේ මට අකමැති වෙන්න හේතු තිබුණේ නැහැ. මම එයාලව හඳූන ගනිද්දීත් එයාලා අතර මොකක් හරි ප්‍රශ්නයක් තිබුණා. ඒ දේවල් ගැන විස්තර කරලා කියන්න මම දන්නේ නැහැ.  ඒත් මම හොඳටම දන්නවා ඒ දෙන්නා වෙන් වුණේ මම නිසා  නෙමෙයි කියලා. මම හිතන්නේ නැහැ අතුලට වයස පේනවා කියලා.

ඒ දවස්වල එයා කොණ්ඩේ කපලා හිටියේ එතකොට තවත් තරුණ පාටයි. මම කොහොමත් මගේ වයසට වඩා වැඩිමල් පාටයි. ඒ නිසා අපේ වයස්වල ලොකු වෙනසක් පේන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මගේ ගෙදරින් මුලින් අකමැති වුණා. අතුල දික්කසාද වුණු කෙනෙක් නිසා. පස්සේ මම ගෙදර අය එක්ක කතා කරලා තේරුම් කළා. අතුල නරක කෙනෙක් නෙමෙයි කියලා. එයා ගොඩක් ඉවසීම තියෙන කෙනෙක්. කවුරුත් එයාට විරුද්ධ නැහැ. සමහර විට එයා වයසින් වැඩි කෙනෙක් නිසා බලපෑම් කළාට වැඩක් වෙන්නේ නැහැ කියලා හිතුණු නිසා වෙන්න ඇති.
අපි දෙන්න විවාහ වුනේ 2010 අවුරුද්දේ. අතුලට දික්කසාදය ලැබුණට පස්සේ.

දැන් අපිට ඉන්නවා පුංචි දුවෙක්. එයාට තවම මාසයයි. එයාගේ නම අයින්ධ්‍යා අධිකාරි.
එයා මගේ පණ වගේ. මගෙත් එක්ක ගොඩක් සමීපයි. අපි යාළුවෝ වගේ මගෙත් එක්ක එයා ගොඩක් දේවල් කතා කරනවා. අතුල ඇත්තටම නිවිච්ච චරිතයක්. එයා එක්ක ජීවත්වෙන්න හරි ලේසියි. කවදාවත් නීති දාන්නේ නැහැ. එයාට ඕන දේ තේරුම් අරගෙන ජීවත් වෙද්දී හරි සැහැල්ලූවෙන් ජීවත් වෙන්න පුළුවන්.
සමිතායි මායි තරහ නෑ.අදටත් අපි හොඳ යාළුවෝ එයා ගොඩක් හොඳ යාළුවෙක්.Z

පුවත්පත් සටහන නෙලූෂා සිල්වා

Read More »

Photography:Chamara Kalo
Read More »

Archives

Image Crunch

Copyrights!

All photos and other content materials posted at Our Lanka Blog were found via internet search engines and other websites and the legal copyrights of those content belong to the actual owners. We have taken our effort to acknowledge the copyright owners where possible, but there might some missing out. If you feel any of your copyrighted material is seen in this blog please comment it. Thank you.