Gossiper Lanka

Unleashing News from Sri Lanka

Recent Posts

Powered by Blogger.

Pages - Menu

Popular Posts

About

Blogger news

Blogroll

Blogger templates

ලංකාවේ වැඩිම වියදම දැරූ විනිල් පුතුගේ මංගල්‍යය
පෙරේදා හෝම් කමින්

ලංකාවේ වැඩිම වියදමක් දරා පැවැත්වූ මංගල උත්සවයක් ලෙස විනිල් මැණික් ව්‍යාපාරිකගේ පුතු දිනේෂ් චතුරංගගේ විවාහෝත්සවය පෙරේදා වාර්තා පොතට ඇතුළත් වුණා. වාර්තාවන ආකාරයට එහි වියදම රුපියල් කෝටි ගණනාවකි. ආරාධිතයින් 750 කින් මංගල උත්සවය පැවැත්වුනේ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ වන අතර පෙරේදා දෙවැනි ගමන වෙනුවෙන් එක් උත්සවයක් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වූයේ ආරාධිතයින් 900 කගේ සහභාගීත්වයෙනි.
දෙවැනි ගමන වෙනුවෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ උත්සව දෙකක්ද රත්නපුරයේ තවත් එකක් ඉරිදා පැවැත්වෙන බවත් මෙම උත්සව සඳහා සියලූම ආරාධිතයින් සඳහා පැමිණීම වෙනුවෙන් වටිනා තිළිණයක්ද ලබාදුන් බව වාර්තා වනවා. ආරාධිතයින්ට ලොව වටිනාම මත්පැන් ලබාදුන් බවත් යුවළ උත්සව දෙකටම පැමිණීම හා යාම හෙළිකොප්ටර මගින් සිදු කළ බවත් වාර්තා වුණා.

පියාගේ ව්‍යාපාර වලට සම්බන්ධව සිටින දිනේෂ් අතගත්තේ හසිනි අලවතුවල සමගිනි. ඇය කුරුණෑගල දිස්ත්‍රික් පළාත්සභා මන්ත්‍රී චන්දන අලවතුවල මහතාගේ දියණියයි. විනිල් මැණික් අධිපතිවරයාට මේ පුතු සහ තවත් දියණියක සිටින අතර බාල පුතු මින් ටික කලකට පෙර හදිසි අනතුරකින් වියෝවුණා.
විවාහ දිනයට ජනාධිපති විපක්ෂ නායක ඇතුළු ප්‍රභූන් රාශියක් සහභාගීවූ අතර දෙවැනි ගමන උත්සවයට යෝෂිත රාජපක්ෂ සහ ඇමතිවරු ගණානාවක් එක්ව සිටියා. මෙහි  මංගල උත්සවයේ ඡායාරූප මින් පෙර අප ඉදිරිපත් කර තිබුණා. පහත පළවන්නේ දෙවැනි ගමනේ ඡායාරූපයි.










































Read More »

  •      ඉන්දියාවෙ ඉපදුණ කතා - ඉරාන ජාතික පියාගෙ කතා බොරුල
  •   මහනුවර දේවාලයේ එහෙම නයෙක් ඉඳලා නැතිලූ  

නයි නලගන කියූ
බොරු මාට්ටු


තමන් ඉන්දියාවෙ උපන් අයකු බවත් පියා ඉරාන ජාතිකයෙකු බවත් ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලක බවත් නයා දොඩන්වල දේවාලයෙන් ලබාගත් බවත් කියමින් නිරෝෂා විමලරත්න හෙවත් නයි නල`ගන මෙතෙක් කල් ජනමාධ්‍ය නොමග යවමින් ප්‍රසිද්ධියක් ලබාගත් බව මේ වනවිට හෙළිදරව්වී තිඛෙනවා.
ඇය මහනුවර දන්තුරේ දිළිඳු පවුලක ඉපදී පියා බේබද්දෙකුව සිට නිවසින් ගිය පසු මවද පිටරටකට ඇය හැරදා ගිය පසු තමා යටතේ කුඩා ලෑලි ගෙදරක හැදී වැඩුණු බව ඇගේ සීයා විසින් ප්‍රකාශ කරනවා. මාධ්‍ය අමතමින් ඉන්දියාවේ මවක් ගැන හා ඉරාන පියෙක් ගැන ඇය පවසන කරුණුත් ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත් බව හා දේවාලයකින් ලබාගත් නයි පැටවෙකු ගැන කියන කරුණුත් මුළුමණින්ම ඇය ගෙතූ කතා බව ඇය වාසය කළ ප්‍රදේශයේ පිරිස් හා ඇගේ සීයා විසින් තහවුරු කර ප්‍රකාශ කරනවා.

ඇය නයා ලබාගත් බව කියන දොඩන්වල දේවාලයේ එවැනි නයෙකු සිට නැති බවද ඇයව නාඳුනන බවද එහි ප්‍රධාන කපු මහතා ප්‍රකාශ කරනවා. ප්‍රදේශවාසීන් කියන්නේ එවැනි නයෙක් සොයාගන්නට ඒ ප්‍රදේශයෙන් පහසුවෙන් හැකි බවයි.
ඇයගේ සීයා පවසන්නේ කොළඹ සමාජ ශාලාවේ රැකියාවක් ලබාගැනීමට ඇය මේ කතා ගොතාගෙන කොළඹට ආ බවත් ඇයගේ වැරදි හැසිරීම් යළි නිවසට වැද්ද නොගන්නට තීරණය කර ඇයව ගමෙන් පන්නා දමා ඇති බවත්ය.

රාත්‍රී සමාජ ශාලාවේදී ඇය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමග නයෙකු සමග සිටින නල`ගනකගේ ඇති විශේෂත්වය මත ඇය ගැන විවිධ තොරතුරු මෙතෙක් කල් මාධ්‍යවල පළවූ නමුත් ඒ සියල්ල ඇය ලබාදුන් තෙරතුරු මිස හරිහැටි සොයා බලා පළකරන ලද ඒවා නොවන බවද වාර්තා වනවා.
ඇය සේවය කළ ජිනා මැඩම්ගේ පුතුගේ ක්ලියෝපැට්රා සමාජ ශාලාවටද මේ මගින් අනියම් ප්‍රචාරයක් ලැඛෙන නිසා ඇයගේ නඩු හබ වලටද ඔවුන් වියදම් කර තිබූ අතර ඈ ගැන වැඩිපුර තොරතුරු මාධ්‍යවල පළකරන්නටද නොපැකිළව ඔවුන් අවසර ලබාදී තිබුණා.

නයි නල`ගන කී බොරු ගැන මේ හෙළිදරව්ව ඊයේ ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් ප්‍රචාරය කළ අයුරු පහතින්
...


Read More »

Archives

Image Crunch

Copyrights!

All photos and other content materials posted at Our Lanka Blog were found via internet search engines and other websites and the legal copyrights of those content belong to the actual owners. We have taken our effort to acknowledge the copyright owners where possible, but there might some missing out. If you feel any of your copyrighted material is seen in this blog please comment it. Thank you.